ඇෆ්ගනිස්තානය ඔවුන්ගේ ප්‍රථම දේශීය නිෂ්පාදිත සුපිරි මෝටර් රථය හඳුන්වා දී තිබෙනවා.
එම මෝටර් රථය හඳුන්වා දුන්නේ Mada 9 ලෙස වන අතර එම මෝටර් රථය මෑතකදී එළිදැක්වූ නමුත් එය තවමත් මුලික අදියරේ පවතීන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
Mada 9 නවීකරණය කරන ලද Toyota Corolla එන්ජිමකින් බලගන්වන අතර විද්‍යුත් පවර් ට්‍රේනයක් සමඟ ගැලපීමට නියමිත බව වාර්තා වෙන්නේ.
මේ සඳහා ඉංජිනේරුවන් 30 දෙනෙකු පමණ මෙම නිෂ්පාදනයට නායකත්වය දී තිබෙනවා.
තලේබාන් සංවිධානයේ උසස් අධ්‍යාපන අමාත්‍ය අබ්දුල් බකී හකානි ප්‍රකාශ කළේ මෙම මෝටර් රථය තම ජනතාවට ආගම සහ නවීන විද්‍යාවන් ලබා දීමට තලේබාන් පාලනයේ කැපවීම ඔප්පු කරන බවයි
තවද මේ නිසා ඇෆ්ගනිස්ථානයේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට උපකාරී වනු ඇති බවත් පවසා තිබෙනවා.