BREAKING NEWS
Search

තරුණියගේ හිස නැති සිරුර බෑගයක දමාගෙන කොළඹ ගෙනත් – සැකකරු හංවැල්ලේ සිට කොළඹ ආවේ මගී බසයකින්..

67

වේල්ලවීදිය ගෑස්පහ හන්දියේදී ගමන් බෑගයක දමා තිබියදී ඊයේ (01 දා) දහවල් සොයාගත් හිස කඳින් වෙන් කළ තරුණියගේ සිරුර සැකකරු විසින් හංවැල්ල සිට පෞද්ගලික බස් රථයක දමාගෙන කොළඹට ගෙනවිත් එය මහමග දමා ගොස් ඇති බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත.

26 හැවිරිදි වියේ පසුවන මෙම තරුණිය හංවැල්ල ප්‍රදේශයේ කිසියම් ස්ථානයකදී ඝාත නය කරන්නට ඇති බව පොලිසිය සැක කරයි.

සැකකරු තරුණිය ඝාත නය කර ඇගේ හිස කඳින් වෙන් කර විශාල ගමන් බෑගයක බහා හංවැල්ල සිට කොළඹ දක්වා රැගෙන ආ බස්රථය ද පොලිසිය විසින් ඊයේ සවස් වන විට සොයාගනු ලැබීය.

එම බස් රථයේ රියැදුරුගෙන් සහ කොන්දොස්තරවරයාගෙන් ද පොලිසිය ප්‍රශ්න කර ඇත.සැකකරු වේල්ලවීදිය ඔස්සේ මෙම තරුණියගේ සිරුර බහාලූ බෑගය රැගෙන යන ආකාරය පොලිසිය විසින් සීසීටීවී දර්ශන ඔස්සේ හඳුනාගෙන තිබේ.

සැකකරු තරුණියගේ සිරුර බස් රථයකින් කොළඹට රැගෙන ආ ආකාරය ද සොයාගෙන ඇත්තේ සීසීටීවී දර්ශන ඔස්සේ සිදු කළ විමර්ශනවලදීය.තරුණියගේ සිරුර බහාලූ ගමන් බෑගය ඊයේ දහවල් කොළඹ අධිකරණ වෛද්‍යවරයා විසින් පරීක්‍ෂා කළ අතර ඇගේ සිරුර බෑගයෙන් ඉවතට ගෙන පරීක්‍ෂා නොකර එය අද (02 දා) දින පරීක්‍ෂාවට ලක්කරන ලෙස පොලිසියට නියෝග කර ඇත.

මහෙස්ත‍්‍රාත්වරයාගේ මෙම නියෝගය නිසා ගමන් බෑගය තුළ දමා ඇති තරුණියගේ සිරුර ඊයේ සවස් වනතුරුත් හඳුනා ගැනීමට නොහැකි වූ බව පොලිසිය පවසයි.එසේම මෙම තරුණියගේ හිස මෙම ගමන් මල්ල තුළ නැති බවද පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.