තරුණියක් හා කාන්තාවක් එකවර අපයෝජනය කළ යකැදුරා කියපු පුදුම කතාව – “මේවා කළේ මම නෙමේ පෙරේතයා”

733

ශාන්තිකර්මයක් සිදුකරන මුවාවෙන් 19 හැවිරිදි තරුණියක් සහ 45 හැවිරිදි තැනැතියක් ලිං’ගික අපයෝජනයකට ලක් කළ 42 හැවිරිදි විවාහක යකැදුරා බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරියටත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබෙනවා

හාලිඇල බෝගොඩ ලන්දේවෙල ප්‍රදේශයෙන් මෙම සිද්ධිය වාර්තා වුණා.

නිවසක භූත දෝශයක් ඉවත් කිරීමේ මුවාවෙන් මෙම යකැදුරා මෙම ක්‍රියාව කර ඇතැයි පොලිසිය කියා සිටින්නේ.

මෙම සැකකාර යකැදුරාමැදිරිගිරිය අඹගස්වැව ප්‍රදේශේ පදිංචි අයෙකු වනවා.

මොහු මෙම ශාන්ති කර්මය කරන මොහොතේ නිවසේ පිරිමින්ට කියා සිට ඇත්තේ නිවසින් එපිටට ගොස් පාලු මංසන්දිවල රැක සිටින ලෙසය.යකැදුරාගේ අණට කීකරු වූ මෙම පිරිමි පුද්ගලයින් එලෙස නිවසින් පිටත්ව ගොස් තිබෙනවා.

පසුව යකැදුරා පැය කිහිපයක් මෙම 19 හැවිරිදි දැරිය සහ 45 හැවිරිදි කාන්තාව දූ’ෂණය කරමින් තිබූ බවද හෙළිව තිබෙනවා.

සැකකාර යකැදුරා පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසු කියා සිට ඇත්තේ මෙම ලිං’ගික ක්‍රියාව සිදු කළේ තමා නොවන බවත් නිවසට පිටින් ආ පෙරේතයා විසින් මෙම දූ’ෂණයන් කළ බවත්ය.

ඒ නිසා මෙම චෝදනා වලින් තමා මුදවා හරින ලෙසද යකදුරා පොලිසිය හමුවේ කඳුළු සළමින් කියා තිබෙනවා