තරුණයෙකු මියයාමත් සමඟ මුන්දලම දිසා රෝහල වසා දමයි

818

මුන්දලම දිසා රෝහල තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක දිලුෂා ප්‍රනාන්දු සඳහන් කළා.

උණ රෝගයෙන් පෙලුණු තරුණයකු ප්‍රතිකාර ගැනීම සඳහා රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙලෙස රෝහල වසා දමා තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 22 හැවිරිදි මාරවිල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

මරණකරුගේ PCR පරික්ෂණයක් සිදුකර යවා ඇති අතර එහි ප්‍රතිඵල ලැබෙන තෙක් රෝහල වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.