BREAKING NEWS
Search

තත්ත්වය බරපතළයි:කොරෝනා රෝගීන් 150ක් IDH රෝහලට

409

කොරෝනා රෝගීන් 150 දෙනකු ඊයේ දින වන විට අලූතින් රෝහලට ඇතුළත් වී සිටින බව IDH රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා සඳහන් කරයි.

ඉකුත් මාර්තු මාසය වන විට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගීන් ඉතාමත් අවම මට්ටමකින් වාර්තා වී තිබුණද ඉකුත් සතියෙන් පසු එම ගණන වේගයෙන් වැඩිවූ බවත්,මේ වන විට රෝහලේ ඇති හදීසි ප්‍රතිකාර ඒකක දෙකම රෝගීන්ගෙන් පීරී ගොස් ඇති බවත් අධ්‍යක්ෂවරයා පැවසීය.

සිංහල අලූත් අවුරුද්දෙන් පසු මෙම රෝගීන් වාර්තා වීම ඉහළ අගයක් ගෙන ඇති බවත් එය ඉකුත් මාස දෙකට සාපේක්ෂව ඉහළ වර්ධනයක් බවත් වෛද්‍ය අත්තනායක මහතා සදහන් කළේය.