ලොව විශාලතම තරු නිල් මැණික (star sapphire) රත්නපුරය දිස්ත්‍රික්කයේ ජිවත්වන මැණික් ව්‍යාපාරිකයෙකුගේ ගෙවත්තකින් හමුවී ඇති බව ශ්‍රී ලංකා බලධාරීන් උපුටා දක්වමින් BBC පුවත් සේවය වාර්තා කර ඇත.
රත්නපුරය දිස්ත්‍රික්කයේ ජිවත්වන මැණික් ව්‍යාපාරිකයෙකු සිය නිවස පිහිටි ඉඩමේ කම්කරුවන් පිරිසක් ලවා ළිඳක් කපමින් සිටියදී මෙම මැණික සොයා ගෙන ඇති බව වාර්තා වේ.
මෙම මැණික සුදුමැලි පැහැයට හුරු නිලකින් යුත් වන අතර එය ජාත්‍යන්තර වෙළෙදපොලේ ඇස්තමේන්තුගත වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 100ක් පමණ වන බව වාර්තා වේ.
කිලෝග්‍රෑම් 510ක බරකින් යුත් මෙහි කැරට් මිලියන 2.5ක් පමණ අඩංගු වන බවට සැලකෙන අතර එය “සෙරන්ඩිපිටි නිල් මැණික්” ලෙස නම් කර ඇත.
මෙම මැණිකේ හිමිකරු ගමගේ නැමැත්තකු වන අතර ආරක්ෂක හේතු මත සම්පූර්ණ නම හෙළිකිරීමට හෙතෙම කටයුතු කොට නොමැත.