“ඩෙල්ටා” හැදුනොත් කිසිඳු රෝග ලක්ෂණයක් නොපෙන්වාම මැරෙණ ක්‍රමය ගැන අනතුරු ඇඟවීමක්

346

කොවිඩ් “ඩෙල්ටා” ප්‍රභේදය ආසාදනය වී කිසිඳු රෝග ලක්ෂණයක් නොපෙන්වාම හෘදයාබාධ වලට ලක්වීමේ වැඩි ප්‍රවණතාවක් තිබෙන බව කොළඹ ජාතික රෝහලේ හෘද චිකිත්සක ඒකකයේ විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පවසනවා.

එවැනි කොවිඩ් ආසාදිත රෝගින් 20 දෙනෙකුගේ පමණ පසුගිය සති කිහිපයේ ඇන්ජියෝ ප්ලාස්ටික් සැත්කම් සිදුකළ බවද වෛද්‍යවරයා පැවසුවා.

පළවෙනි සහ දෙවෙනි කොවිඩ් රැලි දෙකේදී එවැනි හෘදයාබාදයට ලක්වු කොවිඩ් රෝගීන්ගේ ප්‍රවණතාවයක් දක්නට නොලැබුණු බවත්,තුන්වන රැල්ලේ දී මතු වු කොවිඩ් “ඩෙල්ටා” ප්‍රභේදයේ සංකූලතාවක් ලෙස මෙය දක්නට ලැබෙන බවයි ඔහු සඳහන් කළේ.

හෘදයාබාධයට ලක් වී රෝහල් ගත වන බොහොමයක් පිරිස් වයසින් අඩු පුද්ගලයන් බව සඳහන් කරන ඒ මහතා සාමාන්‍යයෙන් හෘදයාබාධයකට තුඩුදෙන අධික රුධිර පීඩනය,කොලෙස්ටරෝල්,දියවැඩියා තත්වයකට ගොදුරු නොවී හෘදයාබාධදයට ලක් වුවන් බවද පැවසුවා.

(lakrata.com)