අද (18) දින අලුයම ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ ශ්‍රී ලාංකිකයන් පිරිස අතර ගර්භනී මාතාවන් 100 ක් පමණ සහ කුඩා දරුවන් 08 දෙනෙකු සිටි බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය. මෙම ගුවන් මගීන් පිරිස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එරට රැදී සිට තිබේ. මෙම ගුවන් මගීන් පිරිස අද (18) දින අලුයම 5.35 ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
කටුනායක ටී.කේ.ජී.කපිල