ඩීන් ජෝන්ස් මියයයි

1509

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක් වන ඩීන් ජෝන්ස් මියගොස් තිබේ.

හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මරණයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඉන්දියාවේ මුම්බායි නගරයේ හෝටලයක සිටියදී ඔහු හෘදයාබාධයකට ලක්වී ඇති බව වාර්තා වේ.

මියයන විට ඔහු 59 හැවිරිදි වියේ පසුවිය.

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ උපත ලබා ඇති ඩීන් මර්වින් ජෝන්ස්,ඉතා ජනප්‍රිය ක්‍රිකට් විචාරකයෙකි.

ඔහු ටෙස්ට් තරග 52කදී ලකුණු 3,631 සහ එක්දින තරග 164කදී ලකුණු 6,068ක් රැස්කර තිබේ.