ඩිල්ෂාන්ට MRI පරීක්ෂණයක්:අදම ඕස්ට්‍රේලියාවට

2359

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායක තිලකරත්න ඩිල්ශාන්ගේ කලවයේ ආබාධයක් ඇතිවීම හේතුවෙන් අද දිනයේදී ඔහු කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී MRI ස්කෑන් පරීක්ෂණයකට ලක්ව ඇත.

මිට දින දෙකකට පෙර අවසන් වූ රෝඩ් සේෆ්ටි ලෝක කුසලාන තරගාවලිය පුරාවට තිලකරත්න ඩිල්ෂාන් ක්‍රීඩා කර ඇත්තේ ආබාධය සහිතව බවද වාර්තා වේ.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ කළමණාකරු ශ්‍යාම් ඉම්පෙට් සඳහන් කලේ තරගාවලියේ පළමු තරගයේදී තිලකරත්න ඩිල්ෂාන් කලවයේ මස් පිඩු ඉරිමකට ලක්වීම හේතුවෙන් ආබාධයකට ලක්වූ බවයි.වෛද්‍යවරුන් විසින් ඔහු පරික්ෂාවට ලක් කර බවත් එහිදී එය පළමු අදියරේ ආබාධයක් ලෙස හදුනා ගෙන තිබු බවත් ඔහු සඳහන් කළේය.

ඩිල්ෂාන් තමන්ගේ ආබාධය සහිතව වුවද තරගාවලිය පුරාවට වේදනා නාශක ඖෂධ සහ ඉන්ජෙක්ෂන් ලබාගනිමින් ක්‍රීඩා කළ බවත් මේ වන විට ඔහුගේ ආබාධය තෙවන අදියරේ මස් පිඩු ඉරීමක් දක්වා වර්ධනය වී ඇති බවත් දැනගන්නට ඇත.

ඩිල්ෂාන් ගේ කලවයේ අඟල් 4 ක ඉරීමක් ඇතිව තිබීම නිසා අභ්‍යන්තරව .. ගැලීමක් සිදුව ඇති බවද ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ කළමනාකරු සඳහන් කළේය.

තිලකරත්න ඩිල්ෂාන් අද රාත්‍රියේ ඕස්ට්‍රේලියාවට පිටත්ව යාමට නියමිතව ඇත.