ඉතිහාසයේ පළමු වරට ඩිලන්ත මාලගමුවට රාජ්‍ය අනුග්‍රහය

486

ලැම්බොගිණි සුපර් ට්‍රෝෆියෝ යුරෝපා ශූරතාවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන ලෝක ශූර ඩිලන්ත මාලගමුවට ප්‍රථම වතාවට රාජ්‍ය අනුග්‍රහය හිමිව තිබේ.

සැප්තැම්බර් 5 වනදා සිට නොවැම්බර් 15 වනදා දක්වා ජර්මනිය,ස්පාඤ්ඤය,බෙල්ජියම සහ ප්‍රංශය යන රටවල්හිදී පැවැත්වෙන මෙම තරඟාවලියට පිටත්ව යාමට පෙර ඩිලන්ත මාලගමුව මහතා අරලියගහ මන්දිරයේදී අද (26) අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණගැසුනා.

වසර 36 ක් පුරා විශාල කීර්තියක් අත් කර දුන් ලෝක ශූර ඩිලන්ත මාලගමුව මහතාට මෙවරද ශූරතාවය ශ්‍රී ලංකාවට රැගෙන ඒමට හැකිවේවායි අග්‍රාමාත්‍යවරයා එහිදී සිය සුබ පැතුම් එක් කරමින් කියා තිබෙනවා.

මේ වෙනුවෙන් සටහනක් තබමින් අග්‍රාමාත්‍යවරයා ඇතුලු රජයටත්,කටයුතු සම්පාදනය කල සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාටත්,ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාටත්,සංචාරක අමාත්‍යංශයටත් ඩිලන්ත මාලගමුව මහතා සිය ස්තූතිය පලකර සිටියා.