BREAKING NEWS
Search

ටෙස්ට් තරඟාවලියේ පරාජය වුණේ ඇයි ? සංගක්කාරගෙන් පැහැදිලි කිරීමක්

549

ටෙස්ට් තරගවලදීත් ප්‍රවේගකාරී පිතිකරණය පිළිබඳ විශ්වාසය තබන්නේ ඇයිදැයි තමා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බව ශ්‍රි ලංකා ක්‍රිකට් පුහුණුකරු මිකී ආතර් පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ටෙස්ට් තරගාවලි පරාජයෙන් පසු පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ,”මට හිතෙන්නේ ඒ වගේ තණතීරුවක අපි ආරක්ෂාකාරි ලෙස පන්දුවට පහරදීම හරියට විශ්වාස කළේ නැහැ.අපේ අය කරේ ප්‍රවේගකාරී විදිහට පන්දුවට පහරදුන්න එක. මම ක්‍රීඩකයෝ එක්ක සාකච්ඡා කරනවා.මම එයාලාගෙන් අහනවා ඇයි එයාලා ආරක්ෂාකාරි ලෙස පන්දුවට පහරදීම විශ්වාස කරන්නේ නැත්තේ කියලා. මොකද මම දන්නවා එයාලාගේ ආරක්ෂාකාරි ලෙස පන්දුවට පහරදීම හොඳ මට්ටමක තියනවා කියලා. මම ඒ ගැන විශ්වාස කරනවා. මෙතන තියෙන්නෙ තනිකර විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක්.” යනුවෙනි.

දකුණු අප්‍රිකාවේදී ලද ටෙස්ට් තරගාවලි පරාජයෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය සමග තරගවැදුණේ තමන්ට හුරුපුරුදු ගාල්ල තණතීරුවේ වුවත් එම තරගාවලියද 2 ට 0 ක් ලෙස පරාජයවීමට ඔවුන්ට සිදුවිය.

පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී මෙන්ම,දෙවන ටෙස්ට් තරගයේ දෙවනි ඉනිමේදීත් ශ්‍රී ලංකා පිතිකරුවන් ටෙස්ට් තරගයකට උචිත නොවන ආකාරයෙන් පන්දුවට පහරදීම කණගාටුවට කරුණකි.

මෙම තරගාවලියේ යම්තාක් දුරට හෝ සාර්ථක වූ ශ්‍රී ලංකා පිතිකරුවා වූයේ දෙවන තරගයේදී ශතකයක් සමගින් ඉනිම 4දීම ලකුණු 213ක් රැස්කරගත් ඇන්ජලෝ මැතිව්ස් පමණි.

තරගාවලිය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා මෙන්ම,සාර්ථකම ක්‍රීඩකයා බවට පත් වූ ලසිත් ඇඹුල්දෙණිය ඉනිම 4දී කඩුළු 16ක් දවා ගනිමින් කණ්ඩායමට යම් බලාපොරොත්තුවක් එක් කිරීමට සමත්විය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙලෙස දිගින් දිගටම අසාර්ථකවීමට හේතුව පිළිබඳ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙක් වන කුමාර් සංගක්කාර එංගලන්තයේ sky sports නාලිකාවේ ක්‍රීඩා වැඩසටහනකදී සිය අදහස් පළ කළේය.

එහිදි ඔහු පැවසුවේ, “ඇයි විශේෂයෙන්ම වර්තමානයේ මේ දේවල් මෙහෙම වෙන්නේ ? ඇයි දෙදරායාම් තව පුළුල් වෙලා තියෙන්නේ ? අන්කවරදාකටත් වඩා මේ ගැටලු දැන් අපිට පැහැදිලිව පේනවාද ?අපේ පළමු පෙළ තරග රටාවේ තියන ප්‍රමිතිය අඩු බව තමයි මේ ගැඹුරු ප්‍රශ්නයට හේතුව. අපිට ඇති තරම් දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නවා හැබැයි ඔවුන්ගේ දක්ෂතා ඔප්නැංවෙන්නේ නෑ.ඒ නිසා ඔවුන්ගේ හැකියාවන් ජාත්‍යන්තර තලයේදී හොඳ දක්ෂතා දක්වන මට්ටමට පරිවර්තනය කරගන්න බැහැ.” යනුවෙනි.