ටිම් සවුති පිලිකා රෝගයෙන් පිඩා විදින දැරියක් වෙනුවෙන් සිය ජසිය විකුනයි

351

නවසීලන්ත වේග පන්දුයවන ක්‍රීඩක ටිම් සවුති ටෙස්ට් ලෝක කුසලාන අවසන් තරගයට ඔහු හැදසිටි ජර්සිය වෙන්දේසි කිරීමට ඉදිරිපත්ව සිටිනවා.

ඒ සදහා ලංසු තබන ලෙස ඔහු ට්විටර් හරහා ජනතාවගෙන් ඉල්ලා තිබුනු අතර එයින් ලැබෙන මුදල් පිලිකා රෝගයෙන් පීඩා විදින 8 හැවිරිදි දැරියක් වෙනුවෙන් පරිත්‍යාග කිරීම ඔහුගේ අරමුණයි.

මීට වසර කිහිපයක සිට හොලී නම් මෙම කුඩා දැරිය පිලිබද දැනගත් දා සිට ඇයට උදව් කිරීමට තමන්ට අවශ්‍යතාව තිබුනු බවත් මෙය ඒ සදහා මහගු අවස්තාවක් බවද සවුති සදහන් කර තිබෙනවා.

ඔහු වෙන්දේසියට ඉදිරිපත් කල ජර්සිය මත ජයග්‍රාහී නවසීලන්ත ක්‍රීඩකයන්ගේ අත්සන්ද යොදා තිබෙනවා.මෙම ජර්සිය වෙන්දේසියෙන් ලැබෙන සියලුම මුදල් හොලී බීට් නම් 8 හැවිරිදි දැරියගේ වෛද්‍ය ප්‍රතිකාර සදහා යෙදවීමට ඇගේ දෙමාපියන් වෙත ලබා දෙන බව ටිම් සවුති පවසනවා