”ඥානාලෝක හිමි අපවත් වුණේ කොරෝනා එන්නත විෂවීමෙන්” – රතන හිමි

680

ජනප්‍රිය ධර්ම දේශක පූජ්‍ය පන්නල ඥානාලෝක හිමියන් අපවත් වූයේ කොරෝනා එන්නත ලබාදීමෙන් පසු ඇති වූ ආසාත්මිකතාවයන් හේතුවෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කර සිටිනවා.

උන්වහන්සේගේ දේහය සම්බන්ධයෙන් අවසන් කටයුතු කරන දිනයක් තවමත් තීරණය කර නොමැති බවද පැවසූ රතන හිමියන් කොරෝනා පරීක්ෂණයක් කිරීමෙන් පසු ලැබෙන වාර්තා වලින් පසු ඒ ගැන තීරණයක් ගන්නා බව ද සඳහන් කළේය.

ඥාණාලෝක හිමියන්ගේ අපවත්වීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් රතන හිමියෝ මේ බව සඳහන් කරන ලදී.