BREAKING NEWS
Search

ජෝ රූට් බ්‍රැඩ්මන්ට සම වෙයි

4325

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායක ජෝ රූට් තම ක්‍රිකට් දිවියේ තවත් ද්විත්ව ශතකයක් ලබා ගත්තා.

ඒ ඉන්දියාවට එරෙහිව මේ වන විට චෙන්නායි හීදී පැවැත්වෙන ටෙස්ට් තරඟයේදී.

මෙම ද්විත්ව ශතකය ලබා ගැනීමත් සමඟ ජෝ රූට් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු නායකයෙකු වන ඩොන් බ්‍රැඩ්මන් පිහිටුවා තිබු වාර්තාවක් සම කිරීමට සමත් වුණා.

ඒ ටෙස්ට් ඉනිම් තුනකදී පිට පිට ලකුණු 150ක් රැස්කරගත් දෙවන ටෙස්ට් ක්‍රිකට් නායකයා ලෙසයි.

මීට පෙර ඩොන් බ්‍රැඩ්මන් මෙම වාර්තාව පිහිටුවා තිබුණේ 1937 වසරේදීයි.