ජූලි 10වනදා සිට සති 02ක් වැසෙන තැන් මෙන්න

1539

ලබන 10 වනදා සිට 24 වනදා දක්වා කතරගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි සුරාබදු බලපත්‍රලත් සියලුම මත්පැන් අලෙවි කිරිමේ ස්ථාන වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

ඇසල පෙරහැර පැවැත්වීම හේතුවෙන් මෙලෙස එම කාලසිමාව තුළ එම ප්‍රදේශයේ සියලුම ම ත්පැන් අලෙවි කිරිමේ ස්ථාන වසා තැබිය යුතු බවයි සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

මේ මස 10 වනදා සිට 23 වනදා දක්වා පැවැත්වීමට නියමිත ඵෙතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසල පෙරහර මංගල්‍යය බැතිමතුන්ගෙන් තොරව චාරිත්‍රවලට පමණක් සීමා කර සිදුකිරීමට කතරගම ඇසළ උත්සව කමිටුව ඊයේ (02) තීරණය කළා.

මේ අතර,පර්පෙචුවල් ට්‍රේෂරීස් සමූහයට අයත් මෙන්ඩිස් සමාගමට ම ත්පැන් නිෂ්පාදනය සඳහා දැඩි කොන්දේසිවලට යටත්ව යළි අවසර ලබාදුන් බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.