ජුලි 06 වනදා ළමුන් සඳහා පාසල් විවෘතයි

215

පාසල් නිවාඩු කාලය ජුනි මස 29දායන් අවසන් කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැවෙන විශේෂ මාධ්‍ය සාකච්ඡාව අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඒ අනුව පාසල් ආරම්භ කිරීම පියවර 4කට සිදු කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙවර උසස් පෙළ විභාගය සැප්තැම්බර් 07 වෙනිදා සිට ඔක්තෝම්බර් 02 වෙනිදා දක්වා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

5 වසර ශිෂ්‍යත්ව විභාගය පවත්වනු ලබන්නේ සැප්තැම්බර් 13 වෙනිදා බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

එහි පළමු පියවර අනුව, ජුනි මස 29 වනදා පාසල ආරම්භ වන්නේ විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට, අනධ්‍යනය කාර්ය මණ්ඩල සහ පාසල් කළමනාකරණ මන්ඩල සඳහාය.

ඉන් පසු දෙවන පියවර අනුව , ළමුන් සඳහා පාසල් විවෘත වන්නේ ජුලි මස 06වනදා සිටයි.

ඒ අනුව පළමුවෙන් පාසලට පැමිණෙන්නේ 13 වසර 11 වසර සහ 5 වසර සිසුන්ට පාසලට පැමිණිමට අවසර ලැබෙනු ඇති.

එමෙන්ම තෙවන පියවර අනුව ජුලි මස 20වනදා සිට 24වනදා දක්වා පාලසට පැමිණේන්නේ 12 සහ 10 ශ්‍රේණිවල සිසුන් පමණයි.

සිව්වන අදියර ආරම්භ වන්නේ ජුලි 27වදා සිටයි.

එම දිනයේ සිට පාලසට පැමිණේන්නේ 3, 4, 6, 7, 8 සහ 9 වන ශ්‍රේණි සිසුස් පමණයි.

කෙසේ වෙතත් පළමු සහ දෙනව ශ්‍රේණි සිසුන්ට පාලසට පැමිණීම සඳහා තවමත් දිනයක් තීන්දු කර නොමැති බව අමාත්‍යවරයා එහිදි පැවසීය.