ජුනි 29 වනදා යළි පාසල් විවෘත කරන බවට පල වන වාර්තාවලට අධ්‍යාපන ලේකම්ගෙන් පිළිතුරු

565

අදියර 04ක් යටතේ ලබන 29 වනදා යළි පාසල් විවෘත කරන බවට සමාජ මාධ්‍යවල පැතිර යන ප්‍රචාරයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සඳහන් කර සිටියා.

ඔහු මේ බව සඳහන් කළේ අදාල ප්‍රචාරයන් සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශ කළ විමසීමකදීයි.යළි පාසල් ආරම්භ කිරීමේ සැලසුමක් තවමත් ගෙන නොමැති බවයි ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ