ජිනීවාහිදී ලංකාව තවත් හිරකරන්න රටවල් 15ක් දඟලයි

267

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් රාජධානිය ප්‍රධාන රටවල් 05ක් ඉදිරිපත් කර ඇති යෝජනාවේ ඇතැම් වගන්ති තවත් ශක්තිමත් කරන ලෙස බටහිර යුරෝපයේ වෙනත් කණ්ඩායම් (රටවල්-westernn Euroe and offer Group WEOG)එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා ඇත.

WEOG කණ්ඩායමට එක්සත් ජනපදය, ඩෙන්මාර්කය,නෝර්වේ,ස්විට්සර්ලන්තය,නෙදර්ලන්තය,ප්‍රංශය සහ ලීච්ටන්ස්ටයිල් ඇතුළු රටවල් 15ක් ඇතුළතුවේ.

පසුගිය පෙබරවාරි 01 සහ 02 යන දිනවලදී පැවැති මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේ‘අවිධිමත් උපදේශන’කටයුතුවලදී ශ්‍රී ලංකාව පිළිබඳව යෝජනාව සාකච්ඡා කිරීමේදී WEOG කණ්ඩායම මෙම ඉල්ලීම කර තිබේ. විශේෂයෙන්ම යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූ ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් පියවර ගැනීමේදී මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් එවැනි චූදිතයන්‘පිටුවහල් කිරීමට’කටයුතු කළ යුතු බවද ඔවුන්ට කඩිනමින් දේශීයව නඩුපැවරිය යුතු බවද මෙම ඉල්ලීමෙන් අවධාරණය කර ඇත.

කෙසේ වෙතත් මෙම උපදේශන කමිටු අවස්ථාවේදී චීනය අදාළ යෝජනාවට නැවත වරක් දැඩි ලෙස විරෝධය පළකර ඇත.චීනය අනුව යමින් රුසියාව,පාකිස්තානය,පිලිපීනය,කියුබාව,වෙනිසියුලාව,ඊජිප්තුව සහ බෙලරුසියාව ඇතුළු තවත් රටවල් 08ක් ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය වෙනුවෙන් පෙනී සිට ඇත.

නයන තරංග ගමගේ