ජැකලින්ගෙන් ඉන්දීය පොලිසිය ප්‍රශ්න කිරීම අරඹයි

1506

බොලිවුඩයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක වන ජැකලින් ෆර්ඩිනැන්ඩස්ගෙන් ඉන්දීය පොලිසිය පැය පහක ප්‍රකාශයක් ලබා ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මුදල් විශුද්ධිකරණ චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සිදු වූ බවයි එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

මුදල් විශුද්ධිකරණ චෝදනාව එල්ල වී ඇත්තේ ඉන්දීය ව්‍යාපාරිකයෙකු වන සුකේෂ් චන්ද්‍රසේකර් නැමැත්තාට වන අතර මෙම පුද්ගලයාගේ බිරිය සමග ජැකලින්ගේ ඇති හිතවත්කමක් ‌මෙලෙස ප්‍රශ්න කිරීමට හේතුවී තිබෙනවා.