ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අගමැතිගෙන් දැනුම්දීමක්

172

ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු වෙනුවෙන් ගෙවනු ලබන පොලී අනුපාතයේ කිසිදු වෙනසක් සිදුකර නොමැති බවත් මෙතෙක් පැවති පොලී අනුපාතය අඛණ්ඩව ක්‍රියාත්මක බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරිම වෙනුවෙන් වීරකැටිය මැදමුලන ප්‍රදේශයේදී ඊයේ (06) පැවැති ජනහමුවකදීය.

මේ අතර අග්‍රාමාත්‍යවරයා කුරුණෑගල නගරයේදී තවත් ජන හමුවකට එක්විය.

එහිදි ඔහු පැවසුවේ ජනාධිපති සහ අගමැති එකම පක්ෂය සිටිය යුතු බවය.

එසේ නොමැති වුවහොත් රට පාලනය කිරීමට අසීරුවන බවද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු වූ වයඹ පළාත් හිටපු අමාත්‍ය අතුල විජේසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තේය.