ජන හා නිවාස සංගණනය ලබන වසරේ මුල් මාස කිහිපය තුළ සිදුකිරීමට සැලසුම්කර ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

Byadmin

Nov 9, 2022

ජන හා නිවාස සංගණනය ලබන වසරේ මුල් මාස කිහිපය තුළ සිදුකිරීමට සැලසුම්කර ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් පී.එම් ප්‍රසාද් අනුර කුමාර මහතා පැවසුවේ, එහි පළමු අදියර වන සිතියම් ගත කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවය.

එහි දෙවන අදියර වන ලැයිස්තු ගත කිරීම සඳහා නිලධාරින් පුහුණු කිරීම, මේ මස සහ ලබන මස සිදුකිරීමට කටයුතු කරන බව ඔහු සඳහන් කළේය.

මේ සඳහා එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදලේ සහය හිමිවන බව ද ප්‍රසාද් අනුර කුමාර මහතා සඳහන් කළේය.

Leave a Reply