ජනපති සුළු ජාතීන් වෙනුවෙන් තීරණ වෙනස් කරන්නේ මීළග මැතිවරණය ජය ගැනීමටයි – රතන හිමි

227

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් වුව‍හොත් පසුගිය ජනාධිපතිවරණයේ ලබා ගත් ඡන්ද ප්‍රමාණය ලබා ගත නොහැකි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් පවසන්නේ.

සතිඅන්ත පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් රතන හිමියන් මේ බව සඳහන් කර සිටියා.

මෙරට සිංහල බෞද්ධ ඡන්දදායකයන්ගේ උපරිම ඡන්ද ප්‍රමාණය ගිය ජනාධිපතිවරණයේදී ඔහු ලබා ගත් බවයි උන්වහන්සේ පවසන්නේ.

ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට නම් සුළු ජාතික ඡන්ද ආකර්ශනය කර ගැනීම අනිවාර්ය බව පෙන්වා දෙන රතන හිමි පවසන්නේ මුස්ලිම් දේශපාලනඥයන්ට අවශ්‍ය පරිදි ආණ්ඩුවේ ඇතැම් තීරණය වෙනස් වන්නේ ඒ නිසා බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.