BREAKING NEWS
Search

ජනපති සහ අගමැති අරලියගහ මන්දිරය තුළදීම ඝා තනය කිරීමේ සැලැස්මක් හෙළි වෙයි

188

මීට වසර 15කට පෙර එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක කර ගනිමින් අරලියගහ මන්දිරය තුළදී කොටි සංවිධානය විසින් බෝ ම්බ පු පුරුවා හැරීමේ සැලැස්මක් ක්‍රියාත්මක වූ බවත් ඔස්ට්‍රේලියාවේ සිංහල සංවිධානය වහා ක්‍රියාත්මක වී ඒ ගැන තොරතුරු කල් තියා දැනුම්දන් නිසා එම විනාශය වළක්වා ගැනීමට හැකි වූ බවත් ඉරිදා ‘මව්බිම’ට අනාවරණය වෙයි.

මේ සම්බන්ධයෙන් ඉරිදා ‘මව්බිම’ට විශේෂ ප්‍රකාශයක් කරමින් දකුණු පළාතේ ව්‍යාපාරිකයකු වන අම්බලන්තොට ලුනම වෙද්දිසි මිල්ස් අධිපති නිහාල් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ ඔස්ට්‍රේලියාවේ සිංහල සංවිධානය විසින් දැනුම් දුන් මෙම අනතුරු ඇඟවීම තමා කඩිනමින්ම එවකට ජනාධිපති මහින්ද රාප්පක්ෂ මහතාගේ අවධානයට යොමු කළ බවයි.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය ඩිව් ගුණසේස්කර මහතාගේ සහෝදරයකුද වන නිහාල් ගුණස්කර මහතා මෙම සිදුවීම වැඩිදුරටත් විස්තර කළේ මෙසේය.

“2006 වසරේ දෙසැම්බර් 1 වැනිදා තමයි පිත්තල හන්දියේ බෝම්බ පිපිරීම එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක කරගනිමින් කොටි සංවිධානය විසින් සිදුකළේ.

“දිනකට හෝ දින දෙකකට පෙර මධ්‍යම රාත්‍රි 12.00ට විතර ඔස්ට්‍රේලියාවේ සිංහල සංවිධානයේ නියෝජිතයකුගෙන් මට දුරකථන ඇමැතුමක් ලැබුණා.”

“මහින්ද රාජපක්ෂ සේනාධිපතිතුමයි,ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයායි ඉලක්ක කරගෙන අරලියගහ මන්දිරය තුළ බෝම්බ පිපිරීමක් සිදු කරන කොටි සංවිධානය සූදානම් වෙනවා.”

“ඒ සේම තොරතුරු අපි හොයාගත්තා.අරලියගහ මන්දිරයට නිතරම යන ඉහළ පොලිස් නිලධාරියෙක් සම්බන්ධ කරගෙනයි මෙම ප්‍ර හාරය සැලසුම් කරලා තියෙන්නේ.එම ඉහළ පොලිස් නිලධාරියාගේ බිරිඳ ගේ නැගණිය කොටි සංවිධානය විසින් අල්ලල ඉවරයි.එම නැගණියට විශාල වශයෙන් මුදල් කොටි සංවිධානයෙන් ලබාදෙනවා.ඒ හරහා මෙම සැලැස්මට ඉහළ පොලිස් නිලධාරියාත් සම්බන්ධ කරගෙන තියෙන්නේ”

“මේ ගැන දැන්මම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දැනුවත් කරන්න.අපේ රට කොටි ත්‍ර ස්තවාදීන්ගෙන් බේරාගන්න පුළුවන් නායකයන් අපි රැකගන්න ඕනෑ.දැන්මම ක්‍රියාත්මක වෙන්න කියලා ඕට්‍රේලියාවේ සිංහල සංවිධානයේ මිත්‍රයා මට කිව්වා.”

“එම ඉහළ පොලිස් නිලධාරියාගේ බිරියගේ නංගිගේ බැංකු ගිණුම් තොරතුරු මට ලබාදුන්නා. මට දැන් මේක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට කියනකම් ඉවසීමක් නැහැ.ල්මම මේක කතාකරලා ඩිව් ගුණසේකර අයියටත් කිව්වා.මහින්ද රාජපක්ෂ මහත්තයා උදේ 5.00ට නැගිටිනවා. මං එතකොටම යන්නම් කියලා ඩිව් ගුණසේස්කර අයියා මට කිව්වා.මං උදේ 5.15ට පමණ මහින්ද රාජපක්ෂ මහත්තයාට දුරකථන ඇමැතුමක් ලබාදීලා මේ ගැන කියනකොට ඩිව් ගුණසේකර අයියත් ඒ වෙලාවටම අරලියගහ මන්දිරයට ගිහිල්ලා තියෙනවා.ඩිව් ගුණසේකර අයියත් මේ ගැන විතර ජනාධිපතිතුමාට කියලා තියෙනවා.

“මේ ගැන තොරතුරු හොයාගෙන එදා හවස මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මට දුරකථනයෙන් කතා කරලා කිව්වා.නිහාල් ඔයා කියපු තොරතුරු හරියට හරි.ඔයා දීපු තොරතුරු නිසා අපි බේරුණ කියලා.”

ඕට්‍රේලියාවේ සිංහල සංවිධානය ජාතික ආරක්ෂක්ෂාව ගැන එදා දැඩි අවධානයෙන් සිටිය සංවිධානයක්.කොටි සංවිධානයේ යම් යම් සැලසුම් ඕස්ට්‍රේලියාවේ සිටින කොටි හිතවාදීන් හරහා ඉතා සූක්ෂම ලෙස ලබාගැනීමට ඕට්‍රේලියාවේ සිංහල සංවිධානය නිතරම කටයුතු කළා”

යනුවෙන්ද නිහාල් ගුණසේකර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

(උපුටා ගැනීම – ඉරිදා මව්බිම)