ජනතාවට කොන්ඩම් නොමිලේ.. තැන තැන කොන්ඩම් කවුලු පිහිටුවයි…

ByPasindu

Dec 5, 2022

ඒඩ්ස් රෝගීන් වේගයෙන් ඉහළ යාම මත පොළොන්නරු දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ ස්ථාන වල ස්ථාපිත කරන ලද කවුළු හරහා උපත් පාලන කොපු පනස් දහසක් මසකට නොමිලේ නිකුත් කිරීමට තීරණය කර ඇත.

පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසන්නේ මෙම වසරේ ජනවාරි සිට නොවැම්බර් මස අවසානය දක්වා ඒඩ්ස් ආසාදිතයන් 16 දෙනෙකු හමු වී ඇති බවයි.

දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 82 ක් වන අතර මෙම වැඩිම පිරිසකට වෛරසය ආසාදනය වී ඇත්තේ සමලිංගික ඇසුරැ නිසා බවත් හෙළි වී ඇත.

මෙම හේතුවෙන් මහජනයා වැඩිපුර ගැවසෙන ස්ථානවල කොණ්ඩම් කවුළු ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ.