BREAKING NEWS
Search

ජනතාවගේ හැසිරීම බිංදුවයි:ප්‍රථිපල ඉදිරි සති 02 පසුව දැන ගන්න පුළුවන්

337

අද දිනයේදී මහජනතාවගේ හැසිරීම් තත්වය ඉතා කණගාටුදායක බව මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසනවා.ඉදිරියේදීත් මේ ආකාරයටම ජනතාව වගකීමකින් තොරව කටයුතු කරණු ලැබුවහොත් දැඩි ව්‍යසනකාරී තත්වයකට මුහුණ දීමට සිදුවන බවයි ඔහු සඳහන් කලේ.

“විශේෂයෙන් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ජනතාව කටයුතු නොකරන බවට නිරීක්ෂණය වී ඇති බවත් එවැනි ආකාරයකින් කටයුතු කලහොත් ඉදිරි සති 02ක කාලයෙන් පසුව අපට යලිත් වරක් දරුණු තත්ත්වයකට පත්වීමට ඉඩ තිබෙනවා.ඒ රටෙන් පළමු වරට ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය වාර්තා වී ඇති පසුබිමක් තුලයි.අපි නැවත වරක් ජනතාවට කියනවා දැන්වත් සෞඛ්‍ය උපදෙස් වලට අනුගමනය කිරීමෙන් කටයුතු කරන්න කියලා” යැයි මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසා සිටියා.