BREAKING NEWS
Search

”ජනතාවගේ ජීවිත බිල්ලට දී දේශපාලන වාසි ගන්න එපා” – අගමැති විපක්ෂයෙන් ඉල්ලයි

163

කොරෝනා වසංගතය රටට අභියෝගයක් වී ඇති අවස්ථාවක ජනතාවගේ ජීවිත බිල්ලට දෙමින් දේශපාලන වාසි ගැනීමෙන් වළකින්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විපක්ෂයෙන් ඉල්ලා සිටිනවා.

රට මුහුණදී ඇති පීඩාකාරී අවස්ථාවක එය ජය ගැනීමට සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරන බවයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කුළුණු මත ඉදිකරන අධිවේගී මාර්ගය සහ කොළඹ සහ මහනුවර නගරය ආශ්‍රිතව පවතින දැඩි වාහන තදබදයට පිලියම් ලෙස ගුවන් පාලම් ඉදි කිරීමේ සමාරම්භක අවස්ථාවට අද (07) එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

අරලියගහ මන්දිරයේ සිට ඔන්ලයින් තාක්ෂණය ඔස්සේයි අග්‍රාමාත්‍යවරයා මෙම අවස්ථාවට එක්වුණේ.

Source – News Radio