ජගත්, දයාසිරි වේදිකාවේ හඬා වැටුනු ආකාරය ශෂීන්ද්‍ර පෙන්වයි – ලොක්කද පොලොන්නරුවේ හඬන දිනය වැඩි ඈතක නොවේ

227

අවුරුදු විසි පහක් තිහක් පැරණි දේශපාලඥයෙක් බුත්තල පැත්තේ පැවැති රැස්වීමක කිඹුලෙක් වගේ අඬා වැටුණු බව ඌව පළාත් හිටපු මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කරයි.

එමෙන්ම ඔහු පමණක් නොව ඔහුගේ මහ ලේකම්වරයාද හඬා වැෙටණු තමන්ට දුටුවේ යැයි ඔහු පැවසිය.

තවත් දිනක් දෙකක් යනවිට උන්ගේ මහා එකාද පොළොන්නරුවේ සිට අඬනවා යැයි තමන් කැට තබා කියන බවද ඔහු සඳහන් කළේය.

හිටපු මහ ඇමැතිවරයා මේ අදහස් පළ කළේ මොනරාගල දී පැවති ජන හමුවක් අමතමිනි.

අපේක්ෂකයන් වේදිකාවේ හඬා වැටුනු ආකාරය රඟපා පෙන්වීමටද හිටපු මහ ඇමතිවරයා කටයුතු කළේය.

මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න