ජංගම දුරකතන භාවිතයෙන් දරුවන්ගේ මතකය අඩුවෙනවා

470

දීර්ඝ කාලීනව ළමුන් ජංගම දුරකතන සහ පරිගණක භාවිතයේදී නින්ද අඩුවීමත් සමග මතකය දුර්වලවීම සිදුවන බව මනෝ වෛද්‍ය විශේෂඥ නීල් ප්‍රනාන්දු පැවැසීය.

ඊයේ (14වැනිදා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,ජංගම දුරකතන සහ පරිගණක තිරවලින් නිකුත්වන ආලෝකය හේතුවෙන් කුඩා ළමුන්ට නින්ද අඩුවන බවය.

නින්ද අඩුවීමත් සමග ඔවුන්ගේ මතක ශක්තිය දුර්වලවන බව මනෝවෛද්‍ය විශේෂඥ නීල් ප්‍රනාන්දු සඳහන් කළේය.පවතින වසංගත තත්ත්වය සමග අධ්‍යාපන කටයුතු සඳහා ළමුන් ජංගම දුරකතන හා පරිගණක දවසේ වැඩි කාලයක් භාවිත කළද එයට අබ්බැහි නොවිය යුතු බව හෙතෙම පැවසීය.

වරුණි පෙරමුණ