චීන පොහොර නැවට රු.කෝ.1300ක් තියා සත 300ක් ගෙවා ගන්න බෑ

167

චීන පොහොර නැව වන්දි වශයෙන් රුපියල් කෝටි 1300 ක් ගෙවන්න නොවෙයි සත 300ක් වත් ගෙවා ගෙවාගන්න බැරි මට්ටමකයි අද රට තිබෙන බවත් එම මුදල් වගකිවයුතු අයගෙන් අයකර ගත යුතු බවත් මෙරට ධනයෙන් එවැනි මුදලක් ගෙවීම ජාතික අපරාධයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

සති අන්තයේ මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ඒ අවධාරණය කළ මහතා වැඩිදුරටත් මෙසේ පැවසුවේය.

“අද අපිට පොහොර නැතුව ඩොලර් ගෙවන්න වෙලා.කවුද මේවට වගකියන්නෙ ? මේකට වග කියන ඕන ජනතාව නෙවෙයි.මේවා ගේන්න කටයුතු කළ අයයි.කෘෂිකර්ම ඇමතිවරයා කිව්වේ සත පහක් ගෙවන්නේ නෑ,එහි තිබෙන කිසිදු දෙයක් ගන්නෙත් නෑ කියලයි.දැන් මොකද වෙලා තියෙන්නේ පොහොර නැව නැංගුරම් දාගෙන හිටියා.දැන් කෝටි 1300 ක් ගෙවන්න එකඟ වෙලා.

මේක ජාතික අපරාධයක්.මේවා ගේන්න කටයුතු කළ අයගෙන් එම මුදල අය කර ගත යුතුයි. අපිට පේනවා යම් විදියක කොමිස් මුදලක ප්‍රශ්නයක් මෙතැන තියෙන බව.කොමිස් මුදල බේරාගන්න ද මේ වන්දි මුදල දෙන්නෙ කියලා අපිට සැකයක් මතුව තිබෙනවා
.අපිට හම්බවුනු පොරක් නැත්නම් ඇයි වන්දි ගෙවන්නේ ? කෝපා හා කෝප් කමිටු වලින් මේ ගැන සොයා බලනවා.පාර්ලිමේන්තුව පැත්තෙන් ගන්න පුළුවන් තීරණ අරන් දඬුවම් දෙන්න අපි අපේක්ෂා කරනවා.ස්වභාව යුක්තියේ මූලධර්ම අනුව හම්බවෙන්න ඕනේ දඬුවම් ඒ අයට ලැබෙයි.”

ෂේන් සෙනෙවිරත්න