චාමික රෝහල්ගත කරයි.. පන්දුව වැදී දත් කිහිපයක් අහිමිවෙයි !

ByPasindu

Dec 7, 2022

LPL තරඟාවලියේ ගාල්ල කණ්ඩායම සමඟ දැන් පැවැත්වෙන තරඟයේදී උඩ පන්දුවක් රැක ගැනීමට ගොස් පන්දුව වැදීම නිසා චාමික කරුණාරත්න රෝහල් ගත කොට තිබෙනවා.

ඔහුට දත් හතරක් අහිමි වී ඇති අතර ඔහුව වහාම ශල්‍යකර්මයක් සඳහා යොමු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.