චාමික අපට ලැබුණ හොද වත්කමක් – සනත් ජයසූරිය

506

පසුගිය කාලයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට බිහිවූ සුපිරි තරුවක් ලෙස චාමික කරුණාරත්න හදුන්වන්න පුළුවන්. තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වශයෙන් ක්‍රීඩා කරන ඔහු ක්‍රීඩා කල ඉනීම් කිහිපයේදී කැපීපෙණන ආකාරයෙන් දස්කම් දැක්වීමට සමත්වුණා.චාමික කරුණාරත්න පිළිබඳව අදහස් දක්වමින් හිටපු ශ්‍රී ලංකා සුපිරි පිතිකරු හා නායක සනත් ජයසූරිය සදහන් කර සිටියේ චාමික කරුණාරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ලද වත්කමක් බවයි.

” චාමික කරුණාරත්න අපට ලැබුණ හොද වත්කමක්. හොද තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. වේග පන්දු යවන හොද ක්‍රීඩකයෙක්.තිසර පෙරේරා සමුගත්තත් එක්ක පොඩි බැස්මක් ආවා එහෙම කවුරුත් නැති වෙයි කියලා.චාමික කියන්නේ හොද ෆිනිශර් කෙනෙක්. ගොඩක් මෙන්ටලි ස්ට්‍රෝන්ග් කෙනෙක්. තාක්ශණයටත් වඩා එයා එයාගේ ගේම් එකට බැක් කරනවා.බෝලේ දුන්නාමත් එයාගේ බොඩි ලැන්වේජ් එකේ හොදයි. ප්‍රේක්ෂකයන්ගෙනුත් හොද දේවල් කියනවා. අපට බලාපොරොත්තුවක් තිබෙනවා එයා දෙයක් කරයි කියලා. හැමදාම කරන්න බැරි වෙයි. ෆේල් වෙන එක පොදු දෙයක්. ඒක ලියවිලාම තියෙනවා.හොදට කරන කාලේ හොදටම කරන්න ඕනී ෆේල් වෙන කාලේ ඒක අමතක වෙන්න” යනුවෙන් සනත් ජයසූරිය සදහන් කර සිටියා.