චරිත් සමගින් මම ක්‍රීඩා කරන්නේ අවුරුදු 15 ඉදන් – බොල් 100 ගැහුව කියන්නේ මම දන්නවා ශතකයක් මම ගන්නවා කියලා

283

ශ්‍රී ලංකා කණ්ඩායමත් දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 14 ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා. තරගයේ කාසියේ වාසිය දිනාගෙන ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 09 ක් දැවී ලකුණු 300 ක් ලබාගැනීමට සමත්වුණා.ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ ඉනීම් දෙකක් ක්‍රීඩා කළ අවිශ්ක ප්‍රනාන්දු සිය එක්දින දිවියේ තෙවන ශතකය වාර්තා කළ අතර ඔහුට අනගි සහයක් ලබාදුන් චරිත් අසලංක ලකුණු 72 ක් ලබාගැනීමට සමත්වුණා. ඊයේ තරගයේදී තරගයේ වීරයා සම්මානය දිනාගත් අවිශ්ක ප්‍රනාන්දු මාධ්‍යවේදීන් අමතමින් සඳහන් කර සිටියේ එක්දින තරගයක පන්දු 100 ක් ක්‍රීඩා කිරීම ඔහුගේ අරමුණ බවයි.

” අපි බැට් කරන්න යනකොට හොඳ බැටින් විකට් එකක් තිබුණා. බෝලේ හොදට බැට් එකට ආවා. අන්තිම ටික යනකොට ස්පිනර්ස්ලට පොඩ්ඩක් කැපෙන්න ගත්ත හින්ද එහෙම පිත්තටම පන්දුව ආවේ නෑ. අපේ ටාර්ගට් එක වුණේ ලකුණු 270 -280ක් විතර ගන්න. නමුත් අපට ලකුණු 300 ක් ගන්න පුළුවන් වුණා.

චරිත් අසලංක එක්ක මම එක ටීම්ස් වල අවුරුදු 15 ඉදන් වගේ ඉන්නවා. අපි දෙන්නා අතර ලොකු කනෙක්ෂන් එකක් තියෙනවා. මම ගහනකොට එයා මට දේවල් කියනවා. එයා ගහනකොට මම එයා එක්ක කතා කරනවා. ප්ලෑන් එක වුණේ පන්දුවාර 40 ක් වත් දිගටම ක්‍රීඩා කරන්න. එතකොට යටින් ඇවිත් වේගයෙන් ගහන අයට ගොඩක් ලේසී ක්‍රීඩා කරන්න. අපි ඉස්සරහට යන්න යන්න අපිව ඇනලයිස් කරනවා ප්‍රතිවාදීන්.

මම හැමවෙලාවකම බලන්නේ පන්දු 100 ක් ඕඩීඅයි එකක බැට් කරන්න. ඒක මටත් හොදයි ටීම් එකටත් හොදයි. එතකොට මමත් ලකුණු 100 කට ආසන්න අගයක් ලබාගෙන. මගේ ෆිට්නස් නිසා මට සමහර මැචස් , ටුවර් මිස් වුණා. ඒ නිසා මම මගේ ෆිට්නස් හදාගත්තා. ඒක මම බැට් කරනකොටත් ෆීල්ඩ් කරනකොටත් ලොකු පහසුවක් තියෙනවා. ෆිට්නස් එක ඉම්පෲ වුණ නිසා බැටින් , ෆීල්ඩින් මගේ ඉම්පෲ වුණා” යනුවෙන් අවිශ්ක සදහන් කර සිටියා.