චරිත් අසලංක ශ්‍රේණිගත කිරීම්හි 66 වන ස්ථානය දක්වා ඉදිරියට.

398

ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අද (8) ප්‍රකාශයට පත් කළා.

ඒ,ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා, ඉන්දු – එංගලන්ත හා බංග්ලාදේශ – ඔස්ට්‍රේලියා තරගාවලි පදනම් කර ගනිමින්.

ඒ අනුව එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි 66 වන ස්ථානය දක්වා ස්ථාන 122කින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවේ චරිත් අසලංක සමත් වී තිබෙනවා.

ඒ,දකුණු අප්‍රිකාවට එරෙහි තරග 3කින් යුත් එක්දින තරගාවලියේ දී ලකුණු 196ක් රැස් කරමින් ඔහු දැක් වූ සුවිශේෂී දක්ෂතාව හේතුවෙන්.

නවසීලන්තයේ කේන් විලියම්සන් 9 වන ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ ඇති අතර, දකුණු අප්‍රිකාවේ ක්වෙන්ටන් ඩී කොක් 10 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් පහතට ඇද වැටී තිබෙනවා.

ජෙනමන් මලාන් ස්ථාන 31කින් ඉදිරියට පැමිණ ඇත්තේ 34 වන ස්ථානය දක්වායි.