චන්දිමාල් – කමිදු – මහීෂ් අද තරගයට කැදවයි ?

301

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අද පැවැත්වෙන තීරණාත්මක අවසන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් 3ක් සිදුවනු ඇතැයි වාර්තා වනවා.දිනේෂ් චන්දිමාල්,කමිදු මෙන්ඩිස් ,මහීෂ් තීක්ෂණ අද තරගයට කැදවනු ඇති බවයි වාර්තා වන්නේ.

මිනෝද් භානුක,භානුක රාජපක්ෂ සහ අකිල ධනංජය වෙනුවට මෙම ක්‍රීඩකයින් තිදෙනා කැදවා ඇති බව වාර්තා වනවා.ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තීරණාත්මක 3 වන එක්දින ක්‍රිකට් තරගය අද පස්වරු 2 යි 30ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංණයේදී ආරම්භ වනවා තරගයට අද දිනයේදී පවතින්නේ පැහැබර කාලගුණයක්.