චතුරිගේ නිසල සිරුර තවත් විකුණන් කන්න එපා!හිතවතුන්ගෙන් ඉල්ලීමක්

ByPasindu

Jan 18, 2023

ඊයේ දිනයේදී (17) ගෙල කපා ඝා/තනය කළ කොළඹ විශ්ව විද්‍යාලයේ තරුණියගේ සිදුවීම සමාජයේ මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වූවා.

මේ වන විට සිදු වූ දේ සිදු වී හමාරයි.එවන් වූ පාපතරයන් ආදරයේ නාමයෙන් හෝ කිසිවෙකුටවත් හමු නොවිය යුතුය යන්න සියල්ලන්ගේම මතය බව අමුතුවෙන් කිව යුතු නොවේ.

එහෙත් සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පිරිස් එම තරුණියව ඝා/තනය කොට ඇති අයුරු දැක්වෙන වීඩියෝ සහ ජායාරූප මේ වන විට හුවමාරු වෙමින් පවතිනවා.

නමුත් ඇය ඝා/තනය කොට ඇති එකී ජායාරූප එලෙස හුවමාරු කිරීම කොතෙක් දුරට සදාචාරාත්මකද යන්න ගැටලුවක් වන අතර එය ඇගේ සමීපතමයින්ගේද සිත් වේදනාවට තුඩු දෙන කරුණක් වෙනවා.