“ගොඩක් අය කියනවා එදා footcycle එකක ගිය මාලිංග අද යන්නේ BMW එකක කියලා.”

906

මගේ පවුලේ අම්මයි තාත්තයි දෙන්නම රැකියාවක් කළා. පවුලේ ඉන්නේ අයියයි මල්ලියි මමයි. මීට අවුරුදු විස්සකට විතර කලින් මමත් අනිත් ක්‍රීඩකයෝ වගේම බොහොම අමාරුවෙන් තමයි ක්‍රිකට් ක්‍රීඩාවට ආවේ. ජාතික කණ්ඩායම නියෝජනය කරාට පස්සේ තමයි අතට සල්ලි හම්බෙලා ක්‍රීඩා කරන්න අවශ්‍ය උපකරණ ගන්න පුළුවන් වුණේ. ගොඩක් අය කියනවා ගමේ footcycle එකෙන් ආපු ලසිත් මාලිංග දැන් යන්නේ BNW එක කියලා. කතාවක් තියෙනවා හිස් පුටුවක ඉපදුනාට හිස් පුටුවක මැරෙන්න හොඳ නෑ කියලා.

මට අවුරුදු 17 ක් වෙනකොට තමයි මම මුලින්ම ලෙදර් බෝලෙකින් සෙල්ලම් කරන්න පටන් ගත්තේ. මගේ පළවෙනි ඉස්කෝලේ තිරානාගම විද්‍යාතිලක විද්‍යාලය. එතනින් ශිෂ්‍යත්වය හදාරලා මම ගාල්ලේ පාසලකට ආවා. එතනින් ගාල්ල මහින්ද විද්‍යාලයට ආවා. සාමාන්‍ය පෙළ හදාරන වත් එක්කම තමයි මම ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වුණේ. ඒක අහම්බෙන් වුණ දෙයක්. ක්‍රීඩා කරන්න එකොළොස් දෙනෙක් මදි කියල මාව අරගෙන ගියා. ඒ තරඟයේ දී මම කඩුලු ලබා ගත්තා. ඒ තරඟයේ විනිසුරු වශයෙන් කටයුතු කළේ ගාල්ල මහින්ද විද්‍යාලයේ කීර්තිමත් ධර්මප්‍රිය සර්. එයා මාව දැකලා එදා රෑම මට පණිවිඩයක් එවලා තිබ්බා අපේ ගමේ සර් කෙනෙකුට මෙයා කවුද මෙයා කොහෙද මෙයා ගැන හොයල කියන්න කියලා. මහින්ද ඉස්කෝලෙට ගන්න ඕනි කියලා. ඉතිං මට ඒ අවස්ථාව උදා වුණා.

මම දවසක් ජිම් එකේ ඉන්නකොට මාවන් අයියා ඇවිල්ල කියාගෙන ගියා මොකද කියන්නේ ඔස්ට්‍රේලියාවේ tour එකට යමුද කියල. එතකොට මම දන්නෙ නෑ මොකක්ද වෙන්නේ කියල. මම ඇහුව මම කොහොමද එහෙම යන්නේ කියලා. ඊට පස්සේ එයා selection වලට ගිහිල්ලා එන ගමන් මට කියාගෙන ගියා ඔයා ටීම් එකේ ඉන්නවා කියලා. මට එදා ආපු සතුට කියාගන්න බෑ. මම ගෙදරට කතා කරල කිව්වා මාව ජාතික කණ්ඩායමට තෝරගෙන කියලා. ඒ අයටවත් ගමේ අයටවත් ඒක ලොකු වෙන තේරුණේ නෑ. සතියක් දෙකක් ගියාම තමයි එයාලට තේරුනේ මම රටේ ශ්‍රී ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකට තෝරගෙන තියෙනවා කියලා. දැන් එක මතක් කරනකොට හරි සරල දෙයක් හැබැයි ඒ දවස්වල ඒක කල්පනා කරද්දී හිතාගන්න බෑ හරි පුදුම දෙයක්.

මම ටෙස්ට් පිටියෙන් සමු ගත්තේ 2011 වසරේදී. ගොඩක් අය කිව්ව මම IPL නිසා සමුගන්නවා කියලා. ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවන්න බැහැ. ඒ දේ දැන් සමාජගත වෙලා ඉවරයි. මම ආයෙත් එක වෙනස් කරන්න යන්නෙ නෑ.

මම වෘත්තීය ක්‍රීඩකයෙක් උනේ පස්සේ. ගෙදර ගමේ පිට්ටනියේ ආසාවට ක්‍රිකට් ගහපු මිනිස්සු අපි. එහෙම ආසාවට ගහපු ක්‍රිකට් එක අධ්‍යාපනයත් එක්ක එකතු වෙලා එනකොට අනේ අධ්‍යාපනයෙන් ලබාගන්නා රැකියා අවස්ථා අපිට අහිමි වෙනවා. අධ්‍යාපන සුදුසුකම් මත. මොකද ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වෙන නිසා. ඕනම කෙනෙක්ගේ අරමුණ තමයි හොඳ ඉගෙනගෙන රැකියාවක් කරලා පවුලෙ අය බලාගන්න එක. අධ්‍යාපනය කියන එක ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් 90% කට විතර අහිමි වෙනවා. අධ්‍යාපනයෙන් ලබාගන්න රැකියාව වසර තිහක් වුණත් හැටක් වුණත් කරන්න පුළුවන්. හැබැයි අධ්‍යාපනය අහිමි වෙලා මේ අපට ලැබිලා තියෙන රැකියාව අවුරුද්දෙන් ඉවර වෙන්නත් පුළුවන් injury එකක් වෙලා. නැත්තං හොඳට සෙල්ලම් කරල අවුරුදු 35ක් වුණත් සෙල්ලම් කරන්න පුළුවන්. අවුරුදු තිස්පහෙන් නැවැත්තුවට පස්සේ එයාට රැකියාවක් නෑ. මොකද අධ්‍යාපන සුදුසුකමක් නැති නිසා එයාට කොහෙන්වත් රැකියාවක් දෙන්නෙ නෑ. මේ ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ වෘත්තියක්. වෘත්තිය රැඳෙන්න නම් දක්ෂතාව තියෙන්න ඕන.

මම IPL තරග හයක් ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක්. IPL match 96 විතර සෙල්ලම් කරලා තියෙනවා. IPL Match 17 ක් එක දිගට ගැහුවා. South africa match 8 ක් එක දිගට ගහුවා. Newzeland match 5 ක් එක දිගට ගැහුවා. IPL ගහන ගමන් Flight එකෙන් බැහැලා ගිහිල්ලා මැච් ගහලා පෙන්නුවා. World cup එකට ගියා flight එකේ පැය 13 ක් ඇවිල්ලා ආයෙමත් ගිහිල්ලා ගහලා පෙන්නුවා. මගේ fitness ගැන කතා කරද්දි මම කැමතියි කවුරු හරි ඉදිරිපත් වෙනවා නම් මගේ ෆේල් වෙච්ච තැන් ගැන කතා කරන්න.

– Lasith Malinga –


Getty Images

– Lasith Malinga –

Good Bye Legend. 

Content Writer – Our Economics