BREAKING NEWS
Search

ගුවන් හමුදා යානා අනතුරින් ජීවිතයෙන් සමුගෙන ඇත්තේ හිටපු එජාප මන්ත්‍රීගේ පුතෙක්

731

ගුවන් හමුදා පියාසර පුහුණුවක් අතර ඊයේ (15) ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කෑගල්ල, රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචි ශාලින්ද අමරකෝන් නමැති 23 හැවිරිදි ගුවන් හමුදා කැඩෙට් නිලධාරියෙකි.

ත්‍රිකුණාමල චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ ගුවන් පථයෙන් පියාසර පුහුණුවක් සඳහා යන අතර ඊයේ පස්වරු 1.15ට පමණ කඩා වැටී අනතුරට ලක්ව තිබෙනවා.

යානය තුළ සිර වී තිබූ කැඩේට් නිලධාරිවරයාගේ සිරුර පිටතට ගැනීමට ගුවන් හමුදා නිලධාරීහු මහත් වෙහෙසක් ගත් අතර පැයක පමණ උත්සාහයකින් පසු යානයේ කොටස් ද කපා පිටතට ගත් සිරුර ගුවන් හමුදා හෙලිකොප්ටරයකින් ත්‍රිකුණාමල රෝහලට රැගෙන ගොස් තිබුණා.

ගුවන් යානය කඩා වැටී ඇත්තේ මහවැලි ගඟේ වම් ඉවුරේ පිහිටි ඇළමාර්ගයකට වන අතර නියමුවා අවම හානියකින් යානය ගොඩබෑමට උත්සාහ දරා ඇති බව එමගින් පැහැදිලි වන්නේ යැයි එම ස්ථානයේ සිටි නිලධාරීහු සඳහන් කළා.

මිය ගිය පුහුණු ගුවන් නියමුවා කෑගලු මහා විද්‍යාලයේ දීප්තිමත් ආදි සිසුවෙකි.

උසස් පෙළ ගණිත අංශයෙන් සමත් ශාලින්ද 2016 වර්ෂයේ පාසල් මාතාවගෙන් සමුගෙන 2019 වර්ෂයේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්ව පුහුණු ගුවන් නියමු පාඨමාලාව හදාරා තිබෙනවා.

මෙම පුහුණු ගුවන් නියමුවා කෑගල්ලේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙක් වන දිවංගත සමන් අමරකෝන්ගේ බාල පුතායි.

මියගිය ශාලින්දට වැඩිමහල් සොයුරියන් දෙදෙනෙකි.

ශාලින්ද තම මව සහ එම සොහොයුරියන් සමග රුවන්වැල්ල, මාපිටිගම පදිංචිව සිට තිබෙනවා.

මෙලෙස කඩා වැටී ඇත්තේ 2018 වර්ෂයේ දී ගුවන් හමුදාවට ගත් අලුත්ම ගුවන් යානයකි.