BREAKING NEWS
Search

ගුවන් හමුදාවේ පුහුණු ගුවන් යානය කඩා වැටී ගුවන් නියමුවා මරුට..

294

චීනවරායේ ගුවන් හමුදා කදවුරේ මූලික පුහුණුව අතරතුරදී පී.ටී.6 පුහුණු ගුවන් යානයක් අනතුරට ලක්ව තිබේ.

කන්තලේ තූරියපුර ප්‍රදේශයේදි යානය අනතුරට ලක්ව ඇත. මෙම අනතුරින් ආධුනික ගුවන් නියමු පුහුණු නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පවසන්නේ කන්තලේ ජනරංජන වැවට නුදුරින් පිහිටි ප්‍රදේශයට එම ගුවන් යානය කඩා වැටී ඇති බවය. අනතුරට ලක්වන අවස්ථාවේ එහි ගුවන් නියමුවා පමණක් සිට ඇති බව පොලීසිය පැවසීය.

එම ගුවන් යානය ත්‍රීකුණාමලය චයිනා බේ කඳවුරේ සිට ගුවන් ගතවී ඇති බව වාර්තා වේ. අනතුර සම්බන්ධයෙන් ගුවන් හමුදාපතිගේ නියමයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.