BREAKING NEWS
Search

ගුවන් අනතුරකින් පාපන්දු ක්‍රීඩකයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට

438

බ්‍රසීලයේ ටොකැන්ටින්ස් ප්‍රාන්තයේ සිදුවු ගුවන් අනතුරකින් පාපන්දු ක්‍රීඩකයින් සිව් දෙනෙකු මියගොස් තිබේ.

එරට පැල්මාස් ක්‍රීඩා සමාජයේ අයත් ක්‍රීඩකයින් සිව්දෙනෙකු රැගත් කුඩා ගුවන් යානයක් මෙලෙස කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අදාළ ක්‍රීඩකයින් තරගාවලියක් සඳහා ගොස් ඇති අතර එහිදි සිදුකළ කොවිඩ් පරීක්ෂාවන්හිදී ඔවුන් කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වීම හේතුවෙන් ඔවුන් යළි පැමිණෙමින් සිටියදී අනතුරට පත්ව තිබේ.

එම අනතුරින් ක්‍රීඩකයින්ට අමතරව ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා සහ ගුවන් නියමුවරයා ද මියගොස් ඇති බව වාර්තා වේ.