ගිරවුන් තිදෙනකු නිරෝධායනයට..

378

අලෙවිය සඳහා ලබු ගිරවුන් තිදෙනකු සන්තකයේ තබාගෙන සිටීම සහ සතුන් විකිණීමේ ස්ථානයක් පවත්වාගෙන යාම යන චෝදනා යටතේ වනජීවි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනකු රුපියල් ලක්ෂ 02 බැගින් වන ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස පොළොන්නරුව මහෙස්ත්‍රාත් අසේල ද සිල්වා නියෝග කළා.

මෙසේ ඇප මත මුදාහරින ලද්දේ පොළොන්නරුව කදුරුවෙල, මුස්ලිම් කොලණිය,අංක 3/18 පදිංචි මොහමඩ් බබසීර් මොහමඩ් සිරාන් සහ මඩකලපුව, පචුකාල්මුනෙයි, සුනිතා අන්නාමල්,අංක 85/3 පදිංචි රයිමන් කිංස්ලි ප්‍රසාද් යන දෙදෙනායි.

ඇප නියම කරමින් ඊයේ (14) දින නැවත අධිකරණයේ පෙනී සිටින ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා.

මෙම ලබු ගිරවුන් තිදෙනා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගිරිතලේ පිහිටි පශු වෛද්‍ය ඒකකයට මුදාහැර නිරෝධායනය කර පසුව සුදුසු පරිසරයකට මුදාහරින ලෙස වනජීවි නිලධාරීන්ට නියෝග කෙරුණු අතර ලබු ගිරවුන් ආරක්ෂිත පක්ෂි විශේෂයකි.

කදුරුවෙල මුස්ලිම් කොලණිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සැකකරු සුරතල් පක්ෂීන් අලෙවි කරන ස්ථානයක් පවත්වාගෙන යන අයකු බව විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.