BREAKING NEWS
Search

ගෑස් මිල පහළ යද්දි විදුලි මිල ඉහළට

184

විදුලි ගාස්තු සංශෝධනය ලබන අඟහරුවාදා දිනයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.

ඊට අදාළ විශේෂ සාකච්ඡාවක් හෙට (08) දිනයේ පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

මහ භාණ්ඩාගාරය,විදුලිබල අමාත්‍යංශය,විදුලිබල මණ්ඩලය සහ මහජන උපයෝගීතා කොමිසම අතර අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.

සිදුකරන විදුලි ගාස්තුවේ සංශෝධන සහ අඩු අදායම්ලාභීන්ට ලබාදෙන සහන පිළිබඳව මෙහිදි අවසන් එකඟතාවකට පැමිණීමට නියමිතව තිබේ.

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මේ වන විටත් විදුලිබල මණ්ඩලය විසින් යෝජනා ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා මහජනතාවගේ අදහස් ලබාගැනීම ද පසුගියදා සිදුවුණි.

ඒ අනුව අවසන් ගාස්තු සංශෝධනය ලබන අගහරුවාදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
මේ අතර හෙට (08) දිනයේ සිට ගෑස් මිල සංශෝධනය කිරීමට ද නියමිත බව ලිට්‍රෝ සමාගම පවසයි. ද

එහි සභාපති මුදිත පිරිස් මහතා සඳහන් කළේ, කැබිනට් මණ්ඩල අනුමැතියෙන් අනතුරුව අදාළ අනතුරුව අදාළ සංශෝධනය ප්‍රකාශයට පත්කරන බවය.