ගාල්ලට අද තීරණාත්මකයි…

181

ගාල්ලේ මාළු වෙළන්දන්,ධීවරයන් හා ආශ්‍රිතයන් 500 කට වැඩි පිරිසකගේ අහඹු ලෙස කල PCR පරික්ෂණ වාර්තා අද ලැබිමට නියමිත බව සෞඛ්‍ය අංශය ප්‍රකාශ කලේය.

ගාල්ල ධීවර වරාය,රත්ගම වැල්ල,ජාකොටුවැල්ල ඇතුළු ධීවර තොටුපලවල් ඇති ප්‍රදේශවල ධීවර වෘත්තියට සම්බන්ධ පිරිසකට මෙලෙස PCR පරික්ෂණ ඊයේ (24) සිදුකර තිබේ.එහි ප්‍රතිඑලය ගාල්ලට තීරණාත්මක එකක් වන බවද සෞඛ්‍ය අංශ පැවසීය.

(Galle Times)