ගල්ගමුවේ නිවසක් තුළ පුද්ගල ම’ළ සිරුරු 03 ක්… මියගිය තිදෙනා අතර අවුරුදු 10 දරුවෙකුත්

8157

ගල්ගමුව,මහනාන්නේරිය ප්‍රදේශයේ නිවසක තිබී පුද්ගල ම’ළ සිරුරු 03 ක් හමුවී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ,අද (07) උදෑසන ගල්ගමුව පොලීසියට ලද තොරතුරක් මත එම නිවස පරීක්ෂා කිරීමේදී මෙම ම’ළ සිරුරු හමුවී ඇති බවයි.

වයස අවුරුදු 28 ක පමණ විවාහක කාන්තාවකගේ මළ සිරුරක්,අවුරුදු 10 පිරිමි දරුවෙකුගේ ම’ළ සිරුරක් සහ අදාළ කාන්තාව සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන ගිය බව කියන 28 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ද එම නිවසේ සිරුරක් එහි තිබී සොයාගෙන ඇතැයි,පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

මේ අතර පොලීසිය සැක පළ කරන්නේ,ඊයේ රාත්‍රී ඇති වූ යම් සිද්ධියකදී 28 හැවිරිදි පිරිමි පුද්ගලයා විසින් අදාළ කාන්තාව සහ ඇගේ දරුවා ඝා’තනය කර ඔහු ද සි’යදිවි නසා ගන්නට ඇති බවටයි.

මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සහ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමට නියමිත පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.