ගල්කිස්ස, සේරම්පාරේ පිහිටි අවන්හලක වාහන අංගනයේ තිබී පුද්ගල මළ සිරුරක් සොයා ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඔහු මීට දින කිහිපයකට පෙර මියගොස් ඇති බවට සැකකෙරෙන බවයි.
ගල්කිස්ස මහේස්ත්රාත්වරයාගේ නියෝග පරිදි ජාත්‍යන්තර නිරෝධායන රෙගුලාසිවලට අනුව එම මළ සිරුර ආශ්රිත ප්‍රදේශය විෂබීජ හරණය කර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර කළුබෝවිල රෝහලේ තැන්පත් කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.