ගතවූ පැය 48 තුල පලස්තීන මිසයිල 1000 කට වඩා බිම හෙලූ ඊශ්‍රායල ආරක්ෂකයා ‘IRON DOME’

108

ඊශ්‍රායල ආරක්ෂක හමුදා සතු සුප්‍රසිද්ධම අවිය ලෙස මෙය හැඳින්විය හැකිය.Iron Dome යනු C-RAM (Counter-Rocket Artillery Mortar – රොකට්-කාලතුවක්කු – මෝටාර් උණ්ඩවලට එරෙහිව) මිසයිල පද්ධතියකි. මෙහිදී ‘ටමියර්’ නම් මිසයිල වර්ගය අතුරුවාරකය ලෙස ක්‍රියාත්මක වේ.ඊශ්‍රායලය සතු ප්‍රබලම අ වියක් මෙන්ම ඊශ්‍රායලයේ ආරක්ෂකයා ලෙසද Iron Dome හැඳින්විය හැකිය.

ගාසා තීරය වැනි අසල්වැසි ප්‍රදේශවලින් ඊශ්‍රායලය ඉලක්ක කරගෙන එල්ල වන රොකට්,කාලතුවක්කු ප්‍ර හාර,මෝටාර් ආදිය භූමියට පතිත වීමට පෙර උඩුගුවනේදී විනාශ කිරීමට මෙම අයන් ඩොම් මිසයිල පද්ධතිය හැකියාව ඇත.

පසුගිය වසර ගණනාවක තිස්සේ මෙම මිසයිල පද්ධතිය නිසා ඊශ්‍රායලයේ සිදුවීමට තිබූ ජීවිත හා නියන් රැසක් වැලකී ගියේය.මේ දිනවලද ඊශ්‍රායලය හා පලස්තීනය අතර දරුණු ගැ ටුම් ඇවීලී යන අතර ගතවූ පැය 48 ක කාලය තුල පලස්තීන සටන්කාමීන් ඊශ්‍රායලය වෙත රොකට් ප්‍ර හාර 1000 කට වඩා සංඛ්‍යාවක් එල්ල කර ඇති අතර ඒ සියල්ලගෙන්ම ‘Iron dome’ පද්ධතිය ඊශ්‍රායලට ආරක්ෂාව සැපයුවේය.

ලොව හොඳම සහ ප්‍රත්‍යක්ෂ කල ගුවන් ආරක්ෂණ මිසයිල පද්ධතිය ලෙස අයන් ඩොම් නමක් දිනාගෙන තිබේ.අයන් ඩොම් හි භාවිතා වන ටමියර් මිසයිලයේ උපරිම දුර පරාසය කි.මී. 70 ක් වන අතර එය සැලසුම් කර තිබෙන්නේ කෙටි දුර රොකට් සහ කාලතුවක්කු උණ්ඩ වැනසීමටය.

මෙම මිසයිල පද්ධතිය සතු සුවිශේෂී හැකියාව වන්නේ එහි අනාවරණ පද්ධතිය,රේඩාර් ඔස්සේ එක වර පැමිණෙන සතුරු ප්‍ර හාර අඳුනාගෙන සිවිල් වැසියන් බහුල,මනුෂ්‍යයන්ට හානියක් විය හැකි ප්‍රදේශවලට වැටීමේ හැකියාවක් සහිත රොකට් හෝ කාලතුවක්කු උණ්ඩ පමණක් තෝරාගෙන විනාශ කිරීමයි.

මෙම ක්‍රියාව නිසා මිසයිලවලට වැයවන අධික පිරිවැය අවම වේ (එක් ටමියර් මිසයිලයක් ඇ.ඩො. 50,000ක් වේ).ඒ අනුව ඊශ්‍රායලය ඉලක්ක කරගෙන එල්ල වන මෙවැනි රොකට් හෝ කාලතුවක්කු උණ්ඩවලින් 10% පමණක් අයන් ඩොම් මිසයිල පද්ධතියෙන් විනාශ කරන අතර අනෙක් 90% ප්‍රමාණය ජීවිත හා නියකින් තොරව විවෘත භූමියට පතිත වේ.

එක් මිසයිල දියත්කරණයක් සමග මිසයිල 20 රැගෙන යයි. රේඩාර්,මිසයිල පාලන ඒකකයක් සහ දියත්කරණයකින් මෙම පද්ධතිය සමන්විත වේ.මේවා ප්‍රවාහනයට ට්‍රක් රථ 3 ක් වෙන්කර තිබෙන අතර ඕනෑම හදිසි අවස්ථාවකදී අවශ්‍ය ප්‍රදේශයකට වහාම ප්‍රවාහනය කිරීමට හැකිය.

එසේම 2018 වසරේදී මෙම පද්ධතියයට අලුතින් එක්වූ ‘Iron Beam’ලේසර් පද්ධතිය සහ ‘David’s Sling’නම් මිසයිල පද්ධතියෙන් මුලු ඊශ්‍රායලයම 100% ආවරණය වනසේ ඕනෑම රොකට් සහ කාලතුවක්කු ප්‍ රහාරයක් නැවැත්වීමට ඔවුන්ට හැකියාව ලැබී ඇත.