ගංජා රට යැවුවොත් ඩොලර් ගොඩක් හොයන්න පුලුවන් -ඇමති බන්දුල

214

දැනට තහනම් කර ඇති ගංජා භාවිතා කොට ඖෂධ වර්ග නිපදවා අපනයනය කළහොත් ඉතා ඉහළ විදේශ විනිමයක් ඉපයිය හැකි බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරා.

වර්තමානය වන විට විෂ සහිත කේරල ගංජා භාවිතා කිරීමට සිදුව ඇත්තේ මෙරට ගංජා තහනම් කිරීමෙන් බවද ඔහු පැවසීය.

ලෝකයේ අනෙක් රටවල විශාල වශයෙන් ගංජා නිෂ්පාදනය කොට අපනයනය කරන නමුත් අධි රාජ්‍යවාදීන්ට විරුද්ධ ලෙස ශක්තිමත්ව ගැටීම හේතුවෙන් ගංජා භාවිතය බ්‍රිතාන්‍යයන් විසින් සම්පූර්ණයෙන්ම තහනම් කරන ලද බව ඉතිහාසයේ සඳහන්ව ඇතැයිද ඔහු සඳහන් කරා.