කෝ-විඩ් එන්නත් මාත්‍රා දෙකම ලබා සිටියදීත් එක්දරු මවක් වසංගතයට බිලිවෙයි

160

කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටි එක්දරු මවක් කොවිඩ් නිව්මෝනියාවෙන් මියගොස් ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදී පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය විය.

මියගොස් ඇත්තේ බලපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක් වන 69 හැවිරිදි වියේ පසුවූ තැනැත්තියකි.ඇය හතිය හා අධික රුධිර පීඩනයෙන් පෙලී ඇත.

ඉකුත් 17 වැනි දින ඇය කොවිඩ් දෙවැනි මාත්‍රාව ලබාගෙන ඇත.පසුගිය 23 වැනි දින නිවසේ සිටියදි එකවරම සිහිසුන්ව ඇති අතර රෝහල්ගත කිරීමෙන් පසු කරනු ලැබූ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේදී කොවිඩ් වෛරස ආසාදනයවී ඇති බවට තහවුරුවී ඇත.

උපුටාගැනීම – දිවයින