BREAKING NEWS
Search

කෝවිලක උත්සවයක් : අවසර ලැබුණේ 50කට : 300ක් ගෙන්වලා – පොලිසිය ගත් තීරණය

127

යාපනයේ කරෙයිනගර් කන්දසාමී කෝවිලේ අශ්ව රථ පෙරහැරට හා පූජාවට බැතිමතුන් 300 ක් පමණ සහභාගි කරවීම නිසා එම කෝවිලේ භාරකාර කුරුක්කල්වරුන් හතර දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට කරෙයිනගර් පොලීසිය හා සෞඛ්‍ය නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

මෙම කෝවිලේ උත්සවයට 50 දෙනෙකුට අඩු පිරිසක් සහභාගී කරවන බව දන්වමින් කෝවිල් උත්සවය පැවැත්වීමට අවසර ඉල්ලූ අවස්ථාවේදී සෞඛ්‍ය නිලධාරීන් එයට අවසර දී තිබෙනවා.

නමුත් උත්සවය පැවති (3 )වෙනිදා එම උත්සවයට 300 කටත් වඩා බැතිමතුන් සහභාගී වීම් නිසා පොලීසිය හා සෞඛ්‍ය නිලධාරීන් ගොස් බැතිමතුන් සියලුම දෙනා කෝවිලෙන් ඉවත් කොට ඇති අතර කෝවිලේ ප්‍රධාන කුරුක්කල්වරු හතර දෙනා නිරෝධායනයට ලක් කොට ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.