කො‍රෝනා කියන්නේ බයවෙන්න ඕන ලෙඩක් නෙවෙයි – එස්.බී දිසානායක

189

කො‍රෝනා යනු බියවිය යුතු රෝගයක් නොවන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක පවසනවා.

ඒ අනුව කොවිඩ් ආසාදනය වන සියයට 81 ක් පමණ කිසිඳු අපහසුවකින් තොරව සුවය ලබන බවත් තවත් සියයට 14 කට පමන සෙම්ප්‍රතිශ්‍යාවක් සහ උණක් හටගෙන පසුව සුව වන බවයි ඔහු සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ මරණ අනුපාතය තවමත් සියයට 1.9 ක් බවයි එස්.බී දිසානායක මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.